Sunday, June 8, 2014

හිනා ගොඩයි බත් පොඩ්ඩයි...

ගමේ පාසැලේ අකුරු කෙරූ සුනිමල් හැදුනේ ගමේ අාරටමය. කොල්ලො කුරුට්ටන් සමග පාසල අමතක කල ඔහු වෙල් ඉපැනැලි වලත් අැල දොලවලත්, තම හිරිමල් යෞවනය ගෙවා දැමීය. ගෙදර බාලයා වූ සුනිමල් ඔහුගේ වැඩිමහල් සොයුරන් මෙන්ම ඉගැනුම ඔ්නෑවට වඩා ලංකර ගැනීමට නොසිතීය. කට්ටි පනිමින් පාසල් සමය ගෙවා දැමූ සුනිමල් දෙමව්පියන් දෙන දෙයක් කාබී ගෙදරට බරක් වෙවී රටට බරක් නොවී කාලය ගෙවීය.

 

සුනිමල්ගේ නිවස පිහිටියේ අළුතින් අරඹන ලද විශ්වවිද්‍යාලයක් අසලය හරියටම කියුවොත් එහි පිටුපස ගේට්ටුවට අාසන්නයෙනි. විශ්වවිද්‍යාල සිසු සිසුවියන් වැඩිපුරම ගමන් කරන්නේ මෙම ගෙට්ටුවෙනි. උකුළු මුකුලු කරමින් ගමන් ගන්නා විශ්වවිද්‍යාල යුවතියන් දකින සුනිමල්ට "අනේ මටත් හිටියනං" කියා නොසිතුනා නොවේ. එ්ත් මුකුත් නැති නිකංම නිකං නිකමෙක් මෙව්වාගැන සිතීම පලක් නොවන බව ඔහුට වැටහිණි.

දිනක් දහවල් පාරේ අැවිදිමින් සිටී සුනිමල්ට අල්ලපු ගමේ අැන්ටී කෙනෙක් දක්නට ලැබිණ. අැය විශ්වවිද්‍යාලයේ වැට අයිනට වී හිඳිමින් අැතුලෙහි සිටිනා සිසු සිසුවියන්ට බත් පැක්ට් විකුණයි. මේ දුටු සුනිමල් ට නව අදහසක් පහලවිය.

"එ් මනුස්සයා අර අෑත ඉදන් අැවිත් මෙතන බත් විකුණනවා, යකෝ ගේට්ටුව ගාව ඉන්න මට බත් කඩයක් දාගන්න පුළුවන්නේ.."

සිතෙහි උපන් අදහස කලින් ඉපැදී මියගිය අදහස් මෙන් මියෙන්ට නොදි කෙසේ හෝ ක්‍රියාත්මක කල යුතුය. ඔහු මේ අළුත් අදහස මවට පැවසුවේය. වැඩේට අම්මාගෙන් අනුමැතිය ලැබුණා පමණක් නොව ඉවුං පිහුං කටයුතුද අැය විසින් බාර ගන්නා ලදී. 

පංසලේ හාමුදුරුවෝ සාදා දුන් සුභ වේලාවට අනුව සුනිමල්ලාගේ නිවස බත් කඩයක් බවට පත්විය. මුලින් බත් පැකට් කර විකුණු සුනිමල් දැං මේස පුටු කිහිපයක් තබා බත් කා යාමටද ඉඩ සලසා අැත. සුනිමල් දැං විශ්වවිද්‍යාල සිසුන් ගේ සුනිමල් අයියා වීඅැත. දිනකට විකුණන බත් පිගන් ගනන දිනෙන් දින ඉහල යන්නට විය. 

සුනිමල්ගේ මේ දියුණුවට ඔහුගේ මව මහත් රුකුලක් විය. වැරදීමකින් හෝ බත් පිගාකට බැදපු හාල්මැස්සන් පහක් බෙදුනහොත් ඉන් එකක් නැවත ලබාගැනීමට තරම් අැය තම පුතුගේ දියුණුව කෙරෙහි උනන්දු විය. 

දස දෙනක් පැමිණියද සිව් දෙනකුට බෙදිය හැකි බත් දස දෙනාටම බෙදා දිමට තරම් සුනිමල් ව්‍යාපාරයෙහි දක්ෂ විය. එන එන හැමෝටම මල් මල් සිනහවකින් සංග්‍රහ කරන නිසාදෝ ඔහුට "හිනා ගොඩයි බත් පොඩ්ඩයි" යන නම පටබැඳ තිබිණි.

 

දිනක් මොකක්දෝ පටලැවිල්ලකට විශ්වවිද්‍යාල සිසුන් හා ගම්වාසීන් විරසක වී තිබිණ. ගම් වැසියන් කඩු පොලු රැගෙන විශ්වවිද්‍යාලය පැමිණ අැත. සිසුන්ද ගල්මුල් රැගෙන සටනට සැරසී අැත. ගමේ කවුරුවත් විශ්වවිද්‍යාලෙ එවුන්ට බඩු විකුනන්නේ නෑ කඩවල් සෙරම වහනවා. ගමේ පැත්තේ සටන් මූලිකයෝ සිසුන්ට තර්ජනය කලහ. දවල් වනවිට පලාතේ සියළු කෑම කඩ වසා තිබිණ. නමුත් සුනිමල් නොසැළුනේය. වෙනදාට වඩා හාල් මුට්ට තුනක පමණ බත්, වතුර එක්කල පරිප්පු හොද්ද සමගින් එදින විකුණාගැනීමට ඔහු සමත් විය. එදින හවස සිසුන් නිවෙස්බලා යන විට. ඔහුගේ අාරක්ෂාව පතා ඔහුද ගමෙන් පිටවිය.

කාලය ක්‍රමයෙන් ගතවනවිට සුනිමල්ගේ බත් කඩයට නිත්‍ය සාමාජිකයන් පිරිසක් අැති විය. බඩගිනි වෙලාවට ණයට කෑම වේලක් කා මාසේ අවසානයේ මහපොල ලැබුනු විට එම මුදල් පියවන සිසුන් පිරිසක් ඉහත කී නිත්‍ය සාමාජිකයන් අතර විය.

සුනිමල් ණය ගනං හිලව් ලියාගන්නට පිටු අසූවේ එක්සයිස් පාෙතක් භාවිතා කරයි. පිටුවේ උඩින්ම ණය කරුගේ නම ලියයි. නම කිව්වාට මේ කෑම කන එව්වන්ගේ නං දෙයියන්වත් දන්නවාදැයි සුනිමල් නොදනී. කෙස් උවත් ණය පොතේ පිටුවල ඉහලින් අැත්තේ, ඉස්සා, කදිරා, ඔසාමා, පින්තු, ජුන්ඩා, බාබර්, ජෙමා, වැනි නම්ය. කෙස් නමුත් මෙම නම් වලින් ඔවුන් මුළු විශ්වවිද්‍යාලයම දන්නා නිසා ගැටළුවක් නොවේ.

 

සුනිමල්ගේ ණය පොත හැඩට ක්‍රියාත්මක වෙයි කෑම කන අයම තමාගේ පිටුව පෙරලා නියමිත ගනන සටහන් කරයි. මාසය අවසානයේදී එකවර ගෙවයි.

 

මෙසේ වසරක් හමාරක් ගතවන විට එකිනෙකාගේ ණය ගනන ඉහල යනු සුනිමල්ට දැකගන්නට ලැබුණි. එයට හේතු ලෙස පසුගිය වසර තුල තමන් කෑම මිල තුන්වරක් ඉහල නැංවූ බවත් ඊට සමාන්තරව මහපොල මුදල ඉහල නොගිය බවත්, කලින් සතියකට වරක් අනුමත වූ ණය කරුවන් දැන් සතියට දෙවරක් හෝ තෙවරක් අනුමත වන බවත්, සුනිමල්ට නොවැහැටුණි. ඔහුට දැනුනේ දැං මුං සම්පූර්ණම ගාන ගෙවන්නේ නැති බවත්, ඉන් කොටසක් දී ලබන මාසේ දෙන්නං අයියා කියා මුං මාරුවන බවත්ය.

දැං නං ණය වැඩේ හරියන පාටක් නැත. එන්න එන්නම ණය පොතෙහි ගනං පිරෙයි. 

 

ඉස්සා  4230 යි, ඔසාමා 2930,  කදිරා 4678, පිංතුවා 2150.................. යකෝ මුං ටික හෙට අනිද්දා අවුට් වෙන්න ඉන්න උං ටික නේද?

 

මේම ණය කැපෙන්නේ යලට මහටය. කිහිප විටක්ම ණය කරුවන්ට මතක් කලත් ගෙවන වගක් නැත. ණය ගන්නේ කොහොමද සුනිමල් දස අතේ කල්පනා කරයි.

අන්තිමේ සුනිමල් තීරණයක් ගත්හ "මුංගෙ නං ටික ගෙවන්න තියන ගානත් එක්ක ලියල දොරේ අලවනවා" එසේ තීරණය කලද ඔහු දොරේ අැලවූයේ මෙසේය.

 

"ඔබ විසින් ගෙවීම අැති මුදල් මෙම සතිය අැතුලත ගෙවා නිමකරන්න, එසේ නොවූවොත් ඔබගේ නම සහ ණය මුදල ප්‍ර්‍රදර්ශණය කිරීමට සිදුවනු අැත"

 

මෙම දැන්වීම දුටු පුංච් පුංච් ණය කරුවන් වහ වහා ණය ගෙවා නිදහස් විය, එහෙත් දලකරුවන් ට කිරීමට කිසිවක් නැත. ඔවුන්ගේ ණය පිටු තවමත් එසේමය.

මේ අතර මෙම දල කරුවන් එක් රැස්වී සාකජ්චා වට කිහිපයක් පැවැත්වීය. මෙයට පිළියමක් යෙදිය යුතුය නැත්නම් තමන් නම මෙන් අාරක්ෂාකල තමන්ගේ "කාඩ්" එක කුඩුය. මෙසේ දින කිහිපයක් සීල් බෝතල් කිහිපයක් හිස් කරමින් සාකඡ්චා කලද විසඳුමක් නොවීය. නමුත් ඔවුන් උත්සාහය අත් නොහැරියේය දිගින් දිගටම ඉහත ක්‍රියාවෙහිම නිරත විය.

 

සුනිමල්ගේ රතු නිවේදනයෙහි අවසන් දිනයද ගෙවිණි. කඩය වසා දැමූ සුනිමල් දැන්වීම සකස් කිරීමට කොලයක් ද රැගෙන ලාච්චුව අැර ණය පොත ගැනීමට සැරසිණ. නමුත් ණය පොත එහි නාෙවීය මේසයෙහි ඉටි රෙදි යට පුටු යට, වීදුරු සෝකේස් එක යට මේ කිසිම තැනක ණය පොත නොතිබිණ.

 

*  *  *  *  *  *  *  *  *  *

(හය මසකට පසු..)

 

"අා.... සුනිමල් අයියා ......"

"අා.. මේ ඉස්සා මල්ලිනේ ඉතිං කාෙහොමද? දැං ජොබ් එකක් එහෙම කරනවයි?"

 

"ඔව් අයියා පොඩි ජොබක් නං කරනව ඉතිං, එ්ක නෙවෙයි අයියා අර ණය පොත එහෙම හම්බුන් නැද්ද?"

 

"අනේ බලන්නකො මල්ලි එ්ක හම්බුන් නෑනේ,  හතලිස් දාහක විතර ණය සල්ලි, වතුරෙ ගියා වගේ"

 

"අයියා මගෙත් රුපියල් හාරසිය ගානක් දෙන්න තිබ්බා මෙතැන පන්සීයක් තියනවා  මේක තියාගන්නකෝ"

----------------------------------------------------

ප/ලි..

මෙය කෙටි කථාවක් නොවේ.. හිතේ කැකෑරුණු වේදනාවක් තුනී කරගැනීමට ලියූවකි..

ප/ප/ලි..

පසුගිය දින ටිකෙහි අධික කාර්ය බහුලත්වය නිසා බ්ලාෙග් ලිවීමට හො කියැවීමට ඉඩ කඩ නොවිණි. තව සතියකින් පසු ඉඩෝරය නිමාවනු අැත..