Tuesday, November 15, 2016

මා ගී සොළොස.. සහ අතුරු කතන්දරයක්.

පිදුම -  අමරදේව ශූරීන්ට..

පහු ගිය සතියේ අපේ ඉයන් ඩෑං උන්නගේ කියල තිවුනා ඇහැකිනං තමුන් කැමතිම ගීත දාසය තෝරල පොස්ට් එකක් දාන්නෙයි කියලා. මේක නිකං වසංගතයක් වගේ බ්ලොග් අවකාසේ පුරාම පැතිරිලා පැතිරිලා ගිහිල්ලා හැමෝම වගේ තමුන් කැමති කැමති විදියහට සිංදු දාසයක් හරි එයිට අඩුවෙන් හරි වැඩියෙන් හරි තෝරලා එක එක ආකාරයේ පෝස්ටු මහා ප්‍රමාණයක් බ්ලොග් ලෝකෙට මුදා හැරල තිබ්බා.. මේං මෙතැන ඒ ලිස්ට් එකෙන් ටිකක් තීනවා... මේක හරියට රැල්ලක් වගේ එක එක කාලෙට එක එක තාලෙට රැලි එනවා හරියට ඉස්සර නලල මැදින් මුදුනින් තියන කෙස් ගස් තිහ හතලිහ කපන්නේ නැතිව ඉතුරු කරල පෙම් රැල්ල හදාගන්නව වගේ.. හැක්..

හැබැයි එකක් කියන්න ඕන මේ විදානයනං ඔය කියන එක එක ජාතියේ රැලි පෙරලි වලට අහුවෙන ජාතියේ එකෙක් නෙවෙයි (බක බක) ඒ බව මේ පොස්ට් එක අවසානයේදී ඔහේලට බලා කියා ගන්න පුලුහං වෙයි. සති දෙක තුනකින්ම මේ **දානේ මකුලු දැල් කඩන්නත් බැරි උන එකේ ඔන්න ඔහේ මං එක එක කාලවල කැමති(?) උන එහෙම නැත්නම් වැඩිපුර අහපු සිංදු ටිකක් මේ පොස්ට් එකෙන් එලි දක්වනන්න හිතුවා..

01.. තත් තත් තත් තාර පැටියා..
පුංචි කාලේ පොඩි එවුන් නලවන්න දෙමව්පියෝ ඇට්ටි හැලෙන්න සිංදු කියනවා (හැබැයි මං සිංදු කියන කොටනං පොඩි එකී තව හයියෙන් අඩනවා) ආං එහෙම අපේ තාත්තා මං කරේ තියාගෙන කියපු සිංදුවක් තමයි තාර පැටියා කියන්නේ ඔය කියන්නේ එක්දාස් නවසිය අසූ ගන්න් වල මුල මැද හරියේ. මට මතක විදියට මුලින්ම මට ලයින් උන සිංදුව මේක වෙන්න ඕන (තාම මතක තියන) පස්සේ කාලෙක සන්ෆලවර් එක්ක මේ සිංදුව කියුවට පස්සේ හෙන්රි කල්දේරා මහත්මයා ගොඩාක් ජනප්‍රිය උනා (මට හිතෙන විදියට සන්ෆලවර් එක්ක ගී ගයපු අයගෙන් ගොඩක්ම සාර්ථක උනේ මෙතුමා) , කලමණාකරනයේ තියන දුරුවල තාවයක් නිසා වෙන්න ඇති හරූන් ලන්ත්‍රාට එහෙම ගොඩ එන්න බැරි උනා..

01.. අකුරු මැකී නෑ කොල ගැලවී නෑ....
 මේකත් ඒ කාලෙට චුට්ටක් පස්සේ කාලෙක අහිච්ච සිංදුවක්  මේ සිංදුවට මං කැමති උනේ ඇයි කියලා ගොඩාක් දුර කල්පනා කරාට පස්සේ තමයි තේරුනේ , ඇත් පොරයට අපි ඇහැ යවමූ....කියන ටික මට ඇහුනේත්, මම කිව්වෙත් ඇස් පොරයට අපි ඇහැ යවමූ.. කියන විදියටයි, ඉතිං කවදාවත් ඇකල නැති ඇස් පොරය හින්දා මේ ගීතයට ඒ කාලේ ගොඩක් කැමති උනා. හැබැයි කවදාක හෝ අස් පොරයක් දැක්කොක් ඒ කට ඇහැ නොයව ඉන්න හිත තද කරන් තමයි ඒ කාලේ උන්නේ..

03. හාවා හරි හාවා..
උක්ත කාල සීමාවල වල දී ම අහපු (බලෙන් අස්සපු) සිංදුවක් තමයි මේක හැබැයි ඒ කාලේ එච්චරම කැමති උනේ නැතත් කොතනටකට ගිහිං හරි සිංදුවක් කියන්න කිව්වොත් අතඇරල දැම්මේ මේ සිංදුවෙන් කෑල්ලක් තමයි. බොහොම මෑත කාලෙකදි ආයෙමත් මේ සිංදුව අහන කොට තමයි ඒ වචන කොච්චර හැඩැයිද කියලා තේරුනේ..

04. දෑස රිදෙනවා පාර බලා ඉඳලා.. සනත් නන්දසිරි..
අසූ ගනන් වල අග හරියේ අපේ අපේ සීයලාගේ ගෙදර තිබ්බ කැසට් එකකින් තමයි මේ සිංදුව මුලින්ම අහැවේ.. අර ඇස් පොරය වගේ සීන් එකක් තමයි මේකෙදිත් මට ලයින් උනේ මේ ගීතයේ තැනක තියෙනවා අපි ආ පාරේ  ආගිය මානේ මල් ලොව මල් පිපුනා.. නැන්දාලාගේ ගෙදර ඉදන් අපේ ගෙදරට හැතැක්ම තුනක් විතර ඇති අකුරැස්ස - බංගම පාරේ ඔය ටික ආවේ පයින් පයින් එන්න උනේ, ඒ කාලේ වැඩ පෙන්නපු දැං දිගට හරහට සැමරුං ලබන ඉල් මහ විරුවන් පාරේ තිබ්බ පාලම් දෙක තුනක්ම බෝම්බ දාලා පුපුරවල දාල තිබ්බ හින්දා. අන්තිමට ගෙදරට එද්දි මේ සිංදුව මට හිතෙන හැටියට ආයෙත් ගෙට ගහ ගත්තා එතකොට අර පේලිය තිබුනේඅපි ආ පාරේ බෝම්බ පිපිරී මල් ලොව මල් හැලුනා.. වගේ එකක්
05. සමුගන්නේ නෑ... නාමල් උඩුගම..

අනූ ගනන් වල මුල් හරියේ හෙන ගහන්න ජනප්‍රිය උන ගායකයෙක් තමයි නාමල් උඩුගම කියන්නේ මෑන් ජනප්‍රියත්වය නිකං රැල්ලක් නෙවෙයි උන්මාදයක් වගේ ගං නියංගම් සිසාරා රිංගල ගිහිං හිටං තිබ්බා, ඉතිං රැලි පෙරලි වලට අහුවෙන් නැති විදානයත් මෑන්ගේ සිංදු අහන්න මාර විදියට ලයින් උනා. හැබැයි ඉතිං කැසට් පටි අරගෙන සිංදු අන්න කැසට් එකක් නොතිබ්බ නිසා මේ කාලේ සිංදු ඇහුවේ රේඩියෝ එකෙන් ඒ කියන්නේ සිරස රේඩියෝව පටන් ගත්ත කාලේ වගේ, මේ කාලේ කැලුම් ශ්‍රීමාලුයි, රොෂාන් වටවලයි ඉරිදා දවල් දොලහට කරපු රස රිසි ගී විස්සෙන් තමයි වැඩිපුරම මේ සිංදු ඇහුවේ.. හැබැයි කියන්න කනගාටුයි අන්තිමට කැසට් පට් විකුනගන්න බැරිවෙයි කියලා රේඩියෝ එකෙන් නාමල් උඩුගමගේ සිංදු ප්‍රචාරය කරන්න එපා කියල , ගී විස්සේ උඩින්ම තිබ්බ මෑන් ගෙ සිංදු තුනක් විතර ප්‍රචාරය කලේ නෑ.. එදා ඉදන් නාමල් උඩුගම කියන ගායකයා මේ විදානයට නං අරහං.. හැබැයි පහුගිය දවස් වල අසනීපෙන් කියල දැන ගත්තමනං ටිකක් හිත සැලුනා..

06. ලැබුනත් නෙත් යුග දහසක උරුමේ  - අසංක ප්‍රියමන්ත පීරිස්
ඔය කලින් කියපු කාල වලදිම වගේ අසංක ප්‍රියමන්ත කියන මනුස්සයත් ගීත ලොකේ අමුතුම ආකාරයට රැල්ලක් ඇති කලා.. සඳ දිය දෙවුන සේ සිනහව පිපුනාම.. වගේ අගේ ඇති සිංදු කියල තිබ්බත් විදානයගේ හිතට ලයින් කරල ගියේ ලැබුනත් නෙත් යුග දහසක උරුමේ . කියන මව් ගුණ ගීතයයි.. මේ සිංදුවත් ඉතිං ඇහුවේ රස රිසි ගී වලට පිං සිද්ද වෙන්න තමයි.

07. සුදුමල් පොකුරක් අතින් දරා මා..
අනූ ගනන් වල මැද හරියට වගේ එන්න ආපු තවත් ජනප්‍රිය ගීයක් තමයි මේක අර කියපු රස රිසි ගී වල බොහෝ කාලයක් රැඳිච්ච ගීයක්.. අනේ ඉතිං විදානයක් දෝතින්ම මේ ගීයත් වැළද ගත්තා.

08.  නාඹර ගොයමට - ගුණදාස කපුගේ..
මෙන්න මේ අනූ ගනන්වල මැද හරිය වෙනකොට ආවා සන්ෆලවර් සමග අරු... සන්ෆලවර් සමග මූ... වගේ ගීත රැල්ලක් ඒ කාලේ හිටපු ගොඩක් ගායක ගායිකාවෝ මේ සන්ෆලවර් රැල්ලට ගී ගයන්න පටන් ගත්තා.. තවත් සමහර ඈයෝ පලු යන්න මේකට බනින්න පටන් ගත්තා. ඉතිං මෙයින් වැඩිපුරම බැනුං අහපු ගායකයා තමයි කපුගේ, දවසක් පැල නැති හේනේ.. වගේ ගීත දඩිං බිඩිං සංගීතෙට ගායනා කොරනවා කියලා අම්ම මෝ නැතිව පත්තර පිටු පුරෝලා බැනුම් පොදි බැඳල තිබ්බා.. හැබැයි ඉතිං විදානයත් කපුගේගේ සිංදු අහන්න පටන්ගත්තේ මේ සන්ෆලවර් රැල්ලත් එක්ක තමයි


09.බඹරෙකු ආවයි නිරිත දිගේයා...
ඔය කියන සන්ෆලවර් රැල්ල යාන්තං මැකීගෙන යද්දි මතුවෙච්ච තවත් රැල්ලක් තමයි නොනවතින ගීත රැල්ල නොහොත් නනස්ටොප් රැල්ල. මං හිතන විදියට මිල්ටන්ගේ ගීත පනස් හතරක් එකතු කරලා තමයි මුලින්ම මේ වගේ කැසට් එකක් කරලා තියෙන්නේ (හරියටම දන්නෑ). ඒ දවස්වල මේ නන්ස්ටොප් රැල්ලෙන් ගැලවෙන්න සක්කරයාගේ පුතා වයිමටවත් වයිමගේ තාත්තා වන සක්කරයටවත් බැරිඋනු එකේ අපි කෙරේ කවර කථාද?...
ඉතිං මැදිං පටන් අරන් සිංදු කියන අලුත් සංස්කෘතියට අපේ සමහර ඈයෝ කොච්චර ඇලුම් කලාද කියනවනං පිටවෙන හෑම නන්ස්ටොප් කැසට් එකකම ගීත පටන්ගන්න තැන් අනුපිලිවලින් කොපි පොත්වල අන්තිම පිටුවල ලියාගෙන ඉන්න තරම් උනා.. ඉතිං මෑන්ට අපි සුට්ටි නමකුත් දැම්මා නනස්ටොප්කියලා.. මේ ගීත අහනකොට විදානයගේ හිතේ රැදිච්ච ගීතයක් තමයි බඹරෙකු ආවයි නිරිත දිගේයා කියන්නේ..

10. රන් කෙන්දෙන් බැඳ - අමිල් තරංග
මම කලින් කියපු නන්ස්ටොප් ගීත වලම තවත් දිගුවක් ලෙස මතුඋන සීන් එකක් තමයි මේකත් විශේෂයෙන්ම නන්දා මාලනියගේ ගීත ඇගේ හඪ අනුකරණය කරමින් පිරිමියකු විසින් ගායනා කිරීම. මෙහි මූලිකයා මං හිතන විදියට අමිල් තරංග හැබැයි මේකට විරුද්දවත්  නන් දෙසින් දැඩි විවේචන එල්ල උනා . එහෙමයි කියලා මේක නැතුනෙත් නෑ තවමත් ඉඳහිට මේ විදියට ගීත ඇහෙනවා.. ඒ ඒ වෙලාවල් හැටියට නන්දගේ හරි අමිල්ගේ හරි ගීත රස විඳින්න පුලුවං උනානනං ඔ ය ගැටළු නෑ...

11. සුසුම වී මගේ මුළු හඳින් සෑමදා... බස් අජිත් නොහොත් අජිත් මුතුකුමාරණ.
අජිත් මුතුකුමාරණ තරම් පුද්ගලික බස්සේවයේ ගුණාතාමක වෙනසකටත් ඒ වගේම පුද්ගලික බස් සේවයේ දියුනුවටත් කැපවුනු ගායයෙක් නොමැති තරම් අජිත්ගේ සිංදු දාන්න තමුන්ගේ බස් එකේ තිබ්බ ටකරං ස්පීකර ගලෝලා අලුතින් බෆල් සවිකරන්න තරම් බස් හිමියන් ඇප කැප වෙද්දි අජිත් ගේ සිංදු වැඩිපුරම දාන බස් රථ වල තෙරපි තෙරපී හරි ගමන් කරන්නත් මගීන් පුරුදු උනා ඒ අතින් අජිත් මුතුකුමාරණ කියන්නේ ඒ කාලයේ සංකේතයක්. විදානයත් මේ රැල්ලෙන් ගොඩ එන්න නං උත්සාහ කලේ නෑ ඕං...

12. පිටි කොටපන් නෝනේ.. ජිප්සීස් සුනිල් පෙරේරා..
පාවෙන පිරිසියක් උඩ නැගලා, ලුණුදෙහි, වගේ ගීත සමාජයට මුදාහැරපු ජිප්සීස් සුනිල් පෙරේරගේ තවත් පෙරලිකාර ගීයක් තමයි මේක. විශේෂයෙන්ම විදානයගේ හිතගියේ මේ ගීය සමග වේදිකාව මත රැගුනු නර්ථනයටයි. ඒ නැටුමත් ටිකක් විතර විවේචන වලට බඳුන් උනත් සුනිල් පෙරේරා නම් තඹ සතේකට ඒවා මායිමි කොලේ නෑ මයි හිතේ. එයිට ගොඩක් කාලෙකට පස්සේ නිකුත් කරපු කොත්තමල්ලි ගීයේ නර්ථනය මෙයිට ගොඩාක් ඉඳිරියෙන් තිබුනත්, එයිට වඩා හොඳ නර්ස්ලා සර්ච් කර ඇති නිසා පිටි කොටපන් නොනේ තරම් කොත්තමල්ලී වලට විදානයාගේ හිතනම් ගන්නට බැරි උනා..

13.  තොටුපොල අයිනේ කවුද අත වනන්නේ... වික්ටර් රත්නායක
මට මතක හැටියට අනූ හතේ වගේ අවුරෙද්දෙදි මොරටුව විශ්වවිද්‍යාලයේ වික්ටර රත්නායකයන්ගේ ප්‍රසංගයක් පවත්වන්නට සැලසුම් කොට තබුනා. එයට විරුද්දව මත දැරූ සිසුන් පිරිසක් එකතු වී වික්ටර් රත්නායකගේ ගීත ඇතුලත් කර මනරම් කැසට් පටයක් නිර්මාණය කර තිබුනා. දෙමාපියන් සහ කුඩා ලමුන් ඉදිරියේදී අසිය නොහැකි මේම කැසට් පටය එකල අප අතර බොහෝ ජනප්‍රිය වූවා. එහි එක් දෙබසක වූයේ  “තොටුපොල අයිනේ කවුද අත වනන්නේ...යැයි එකෙකු ඇසූ විට,කවුරුහරි පට්ට වෙසියෙක් වෙන්නැති යයි පිලිතුරු දීමයි එයින් පසු වික්ටරයන්ගේ තොටුපොල අයිනේ ගීතය විදානේගේ ගිත තදින් ඇඳ බැඳ තබන්නට සමත් වූවා.

14. මා ආදරෙයි මුඵ ලොවටත් වඩා...
මෙම ගීතයේ වචන වලට වඩා එහි සංගීතය විදානයාගේ සිත් ගැට ගහන්නට සමත් වූවා විශේෂයෙන්ම එහි ඇති ඩම්ස් වාදනය නැවත නැවතත් රස විඳීම සහ කිසිදා කල නොහැකි එය අනුකරණය කිරීමට තැත් කිරීම මාගේ විනෝදාංශයක් වූවා. සෙබලානෙනි නුඹ මැරුණානොවේගීයත් මෙවැනිම ආරක ගීයක් ලෙස රස විඳීමට හැකියාය තිබෙනවා..

15. වසන්තයේ - බාතිය සහ සංතුස්,
බාතිය සහ සංතුස්ගේ ආගමනය ද අනූව දශකයේ අග බාගයේදී වූ විශේෂ සිදුවීමක් ලෙස හදුන්වන්නට පුළුවන්. ඔවුන්ගේ අලුත් ආරේ ගීත වලට දැඩි විවේචන සහ දෝශාරෝපන එල්ලවන්නට උවත් තවමත් ඔවුන් අළුත් නිර්මාණ බිහිකිරීම සතුටට කරුණක්. එකල බාතිය සංතුස් රැල්ලක් එද්දී විදානයාද ඒ මතුපිට සර්ෆින් පදින්නට වීම රැල්ලට ගසාගෙන යාමක් නොවේ..

16. ඡත්ත මානවනක ගාථා-
 දැං මං කියන්නට යන්නේ මවිසින් මේ වන විට වැඩිපුරම වාරයක් කියා ඇති ගීතය ගැනයි (ඔබත්?). එදා සංගීතයෙන් කෙල පැමිණි ඡත්ත නම් වූ මානවක තෙමේට බුදුන් වහන්සේ විසින් ලබාදුන් පද පෙළයි. බුදුන්, දහම්, සඝ ගුණයන් ඇතුලත්කර  රචිත එම පැදි පෙළ ඡත්ත මානවක තෙමේ තම මනරම් හඪින් ගයමින් වනමැදින් ගමන් ගනිද්දී විෂ පෙවූ ඊ තලයක් ඔහුගේ හදවත දෙපළු කරමින් ගමන් කිරීම කෙතරම් ඛේදාන්තයක්ද?

විදානයානං මේ ගීයට ඇළුම් කළේ ඉහත කිසිවක් නිසා නොවේ.. මේ සිංදුව කියා අවසන් වූ විට එදා දවසට පාසල අහවර වන නිසාය.. මේ ඉයං ඩෑං උන්නෙහේ මෙතැන 16ක් කියා නොතිබ්බානං මේ දවස්වල වැඩිපුරම කියැවෙන මල හිරු බසිනා .., ජගන් මොහිනී , සසර වසන තුරු.. වැනි ගීත ගැනද යං තං දොඩමලු වන්නට තිබුනා 
..
මෙම ගීත සියල්ල සඳහා දායක වූ පද රචකයින් ගායකයින් සහ සංගීතඥයින්ගේ නම් නොලියවීම පිලිබද සමාව අයැද සිටිමි.. සොයන්නට ගියේ නම් මෙම පෝස‍්ටුව ලබන සතියට කල් දැමීමට සිදුවනු ඇත
දිග වැඩි වෙයි නම් සමා අවසර , දැං අර අතුරු කථාව..

ඉයං ඩෑං ගේ මේ සිංදු තෝරන මල විකාර වැඩේට මාට්ටු උන කුරුටු ගෑ ගී පවුරේ පතාක යෝදයකු වූ (පෙරෙහැරේ පතාක රැගෙන යන ඇඟපත ලොකු වාහෙලාට පතාක යෝදයන් යැයි කියනු ලැබේ) තුෂාර විතාරණ මහතාත්, එම මැතිණිය වන එම ගී පවුරේම සාමාජිකාවක් වූ කාංචනා චන්ද්‍රසේකර මහත්මියත් එක්ව, මේ ගී සොලොස තොරන්නට දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වී තිබේ. නමුත් දෙදෙනාගේ යම් යම් මත ගැටුම්, හැල හැප්පීමී, රැවුම් ගෙරවුම් වැනි දෑ නිසා නිසි ලෙස මෙ සොලොස තොරාගැනීමට නොහැකි වී තිබේ. නමුත් බෙහෙවින් කලාකාමී සිත් ඇති මෙ දෙපල, නිරන්තරයෙන්ම රස වෑගෙන ගීතයන් ගයන්නටත්, රාගයන් වයන්නටත් පටන් අරඹා ඇත. එය කෙතෙක් ත්‍රීව වූවාද යත් ඔවුනට ගාන සමය පවා මගහැරී දිගින් දිගටම ගයන්නටත්, වයන්නටත් වීම නිසා, දැන් තුෂාරයාට කෑම උයන්නටත්, රෙදි සෝදන්නටත්, ඇඹුල් ජාති ගෙනඑන්නටත්, දොලදුක් සංසිදුවන්නටත්, සිදුවී තිබේ..

උන් දෙන්නාටද සුභ පතමින් සහ ලබන සතියේ තුෂානිට මවිසින් ලියන ලද ගීය ගෙන එන බලාපොරොත්තුව පෙර දැරිව මම නිහඩ වෙමි..

ජ ය වේ වා !!!


Tuesday, May 3, 2016

පුංවි වැඩක් සහ තවත් වැඩක්..

මේ රත්නුපර පැත්තේ ඉන්න බ්ලොග් ලියන උදවිය නෙළුම් යායේ උදව් ඇතිව ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ බලංගොඩ ශාරිපුත්‍ර විද්‍යාලයේ දුවා දරුවන් වෙත පොත් පත් ප්‍රදානයක් සිදුකළා. ඒ ගැන විස්තර තියන මෙතැන තියනවා.


ඒ වගේම තමයි ඉන් පස්සේ නෙළුම් යායෙන් අපිට තවත් යෝජනාවක් ඉදිරිපත් කළා පුළුවන්නම් ආයෙත් මේ වගේ වැඩක් කරන්න කියලා.

මෙතැනදි අපිට පාසල් කීපයකම අවශතා ගැන යෝජනා කිහිපයක්ම ආවා. ඉන් එකක් තමයි ර/උඩ රංවල විද්‍යාලයට ඡායාපිටපත් යන්ත්‍රයක් ලබාදීම.  ඒ වෙනකොට පාසල විසින් රුපියල් පහක් වටිනාකම සහිත කොටු කපන කාඩ් පතක් විදුහලේ සියළු සිසුන් වෙත ලබා දී තිබුනත් එය සාර්ථව තිබුනේ නැහැ.

මේ යෝජනව දැනගත් සබරේ ඇනෝ තමන් වැඩකරන ආයතනයේ ඇති අලුත් වැඩියාකර භාවිතා කරන්න පුළුවන් ඡායා පිටපත් යන්ත්‍රයක් ලබා දුන්නා. ඒවගේ ඒ සඳහා අවශ්‍ය කරන ටෝනර් තුනකුත් එම ආයතනයෙනන්ම නොමිලේම ලබාගන්න සබරේට පුළුවන්  උනා.

මෙම ඡායාපිටපත් යන්ත්‍රය අලුත් වැඩියා කරන්න යන වියදම දරනන්න නෙලුම් යායෙන්, සබරේ ඇනෝගෙන්, මධුමාධවී ගෙන්, කූගෑගී පවුරෙන්, ප්‍රසන්න පරණවිතාරණ මහතාගෙන් නොමසුරු ආධාරය ලැබුණා. ඒ වගේම නෙලුම් යාය බ්ලොග් සම්මාන උලෙලේ හොඳම කෙටි කථාවට මට ලැබුනු මුදල් ත්‍යාගයත් මම මෙතැනට යොමුකලා. 

ඡායා පිටපත් යන්ත්‍රය අළුත් වැඩියාවෙන් අනතුරුව අපට ඉතුරු උනු මුදලින් පාසලේ ඉගනුම ලබන ලමුන් 252 දෙනාටම බෙදාදෙන්න අභ්‍යාස පොත් පන්සිය අසූවක් මිලදී ගන්නටත් A4 බන්ඩල් එකක් මිලදී ගන්නටත් හැකියාව ලැබුණා.

මේ සියලු උපකරණ සහ පොත් පත් රැගෙන. අද දින එනම් 2015-05-03 වැනි දින මාත්, මාගේ බිරිඳ සහ දරුවාත්, කූගෑගීප තුෂාරත්, සබරේගේ මිතුරියක් වන රූපිකා මිසුත්, ප්‍රසන්න අයියාත් අති දුෂ්කර ගමනා ගමනයකින් පසු මෙම පාසල වෙත ලඟා උනා.

ලැබුනු තේ පැන් සංග්‍රහයෙන් අනතුරුව ඉතා කුඩා, චාම් උත්සව සභාවකදී අපි මේ ද්‍රව්‍ය සියල්ල පාසල වෙත ප්‍රධානය කරනු ලැබුවා.

ඔවුන්ට ඡායා පිටපතක් ලබාගැනීමට අවශ්‍ය උවගොත් පයින්වත් යාමට නොහැකි තරම් අපහසු මාර්ගයක කිලෝමීටර් පහක් හයක් ගෙවා යාමට සිදුවූ දුෂ්කර තාව නිමකිරීම පිළිබඳ ඔවුන් අපවෙත ඉතාමත් ස්තූතිවන්ත වූවා. 

මේ කාර්යය සඳහා උදව් උපකාර කල, දිරිමත් කල, පහසුකම් සැපයූ සියලු දෙනාට සියළු ආයතනයන් වලට ස්තූතිය පුදකරන්න මම මෙය අවස්ථාවක් කරගන්නවා.

(සමාවෙන්න මෙම ස්ථානයේ පවතින දුර්වල සංඥා පද්දතිය නිසා ඡායාරූප එක් කිරීමේ දැඩි ගැටලුවක් පවතිනවා)  ඡායාරූපයන් කූගෑගීප හෝ ප්‍රසන්න අයියාගේ ලටපටහෙි පලවනවා ඇත.


ඔවුන් අපවෙත ලබාදුන් තුති මල් කවියක් මෙන්න මේ විදියට තිබුනා..

මා පිය තුටු කඳුලින් පුරවා,
ශිල්ප ලැබ සතොසින්
දැය පහන - උතුම් මිනිසකුව
දිරියෙන් ඉදිරියට පියනැග,
නුඹේ පසුපසින් පියනගන
දැයේ දරුවන්ට
කුළුණු නෙත් යොමන
නෙළුම්යාය බ්ලොග් මිතුරෝ ,,
දයාබරයාණෙනි,
ඹබ දිගුකල දෑත්
ශක්තියක් කොට ගන්නෙමි
හොඳ මිනිසෙකු වන්නට
ලොව සුවඳවත් කරන්නට
ඔබ තරම්....


මොකක්ද මේ තවත් වැඩක්..

අපිට ලැබුනු තවත් යෝජනාවක් තමයි ර/පින්නගලකන්ද ප්‍රාථමික විද්‍යාලයේ දුවා දරුවන් වෙත අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය කරන අමතර වැඩපොත් සහ පාසල් පුස්ථකාලයට අවශ්‍ය කරන පොත්පත් ලබාදීම. මේ පාසලේ 1වසර සිට 5වසර දක්වා පංති පැවැත්වෙනවා. පාසලටම ඉන්නේ ලමුන් 16යි විදුහල්පතිත් සමග තවත් ගුරුවරියකුයි විතරයි. පුස්තකාලේ පොත් හයසීයක් විතර තියනවලු හැබැයි පොඩි ලමයිට බලන්න පුළුවන් පොත් දහයක්වත් නෑලු.. කවුද මහත්තයෙක් "පෙරළූ නැවුම් පස" පොතත් පුස්ථකාලෙට දීලලු.

පුළුවන්නම් මෙන්න මේ පුංච් එවුන්ට කිවන්න පුළුවන් විදියේ පොත් පත් ටිකකුයි. ඒ වගේම පාසල් පෙලපොතට අමතරව 1 - 5 වසර දක්වා සිසුන්ට යෝග්‍ය වැඩපොතුයි ලබාදෙන්න පුළුවන්නම් ලොකු දෙයක්'
 

Thursday, March 24, 2016

නෙළුම් යාය!!!


*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*

නෙළුම් මලේ පෙති..
කඩන්නැතුව
ඹරුපදින්න,
එදාට ඔහේලත් අතන්ට එන්න..
ජයවේවා !!!
------------------------------

Wednesday, March 9, 2016

පෙරලෙන රිය සක...

අවුරුදු පහක් තිස්සෙම පාළුවට ගිය. ඉඳහිටවත් කිසිවෙකුත් පය නොතැබූ ලොකු හාමුදුරුවන්ගේ කුටිය අස්පස්කර දැමිය යුතු යැයි නාරද හාමුදුරුවන්ට සිතුනේය. ලොකු හාමුදුරුවෝ අපවත් වූවායින් පසු වසා දැමුනු මේ කුටිය කාලයත් සමගම පාළුවට ගියේ කිසිවෙකුටත් නොදැනීමය. පංසල් මිදුලේ අලුතින් මනරම් ගොඩනැගිලි ඉදිකලත් ලොකු හාමුදුරුවෝ අපවත් වන තුරුම වැඩ වාසයකලේ පංසල් ඉඩමෙහි කෙලවරට වන්නට තිබූ මේ කුඩා කුටියේය. මලකඩ කා තිබූ පැරණි ඉබ්බා අයාසයෙන් ගලවා දැමූ නාරද හාමුදුරුවෝ කුටිය තුල වූ මකුළුදැල් වල පැටලෙමින් ගොස් ජනේල් පියන් කිහිපයක් ඇර දැමීය.

නාරද හාමුදුරුවෝ මහනදම් පුරන්නට එනවිට යන්තාම් පාසල් යන වයසට ආවා පමණය. වැඩි මහලු සොහොයුරන් දෙදෙනෙකුත්, බාල සොහොයුරිකත් නාරද හාමුදුරුවන්ගේ පවුලේ විය. අවුරුද්ද තිස්සේම දවස් කුලියට පතල් කැනීමට යාම නාරද හාමුදුරුවන්ගේ පියාගේ රැකියාව විය. දවසේ වෙහෙස නිවාගැනුමට හවසට මධුවිතින් සප්පායම් වන ඹහුට දරු පවුල රැක ගැනීම උදෙසා ඉතිරිවන මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවුනි. අමාරුවෙන් හෝ මේ දරු පවුලේ කුසගින්න නිවුනේ නාරද හාමුදුරුවන්ගේ මව ඉඳහිට කාගේ හෝ තේ වත්තක දලුනෙලීමෙන් ලබාගන්නා මුදලිනි. 

දිනක් ඔහුව පංසලේ ලොකු හාමුදුරුවන් වෙතට බාරදුන් ඹහුගේ දෙමව්පියෝ කඳුළු සඟවන්නට උත්සාහ කරමින් පංසලෙන් නික්මෙනවා නාරද හාමුදුරුවන්ට යාන්තම් මතකය. ඔහු වසරක් පමණ පංසලේ කුඩා කුඩා ආවතේවකම් කරමින් සිටියේය. එක්තරා පුන්පොහෝ දිනක ඔහුගේ හිස මුඩුකොට සිවුරු අන්දවා "මදටියතැන්නේ නාරද" නමින් පැවිදි බිමට ඇතුලත් කලහ. 

ලොකු හාමුරුවන්ගේ අවවාද අනුසාසනා සහ ඉඳහිට ලැබුනු වේවැල් පහරවල් කාගෙන නාරද හාමුදුරුවෝ හොදින් ඉගැනුම් කටයුතු වල නිරත විය. පංසලේ පැවැත්වෙන සෑම පිංකමකම වාගේ ප්‍රධානත්වය ගෙන කටයුතු කරන්නට තරම් කුඩා නාරද හාමුරුවෝ දක්ෂ විය. ඉදිරියේදී මේ පංසලත්, ගමත් බබලවන්නේ මේ කුඩා නාරද හාමුදුරුවන් බව ගමේ සැමදෙනාගේම විස්වාසය විය. නිසි වයස් එලැඹුණු කල්හි උපසම්පදා බිමට ඇතුලත් වූ මදටියතැන්නේ නාරද හාමුදුරුවෝ පිළිගැනීමට පංසලේ නායක හාමුදුරුවන්ගේ මෙහෙයවීමෙන් දායක සභාව විසින් විශාල උත්සවයක් සංවිධානය කර තිබුණි. එදින රාතියේ හතරපේරුවේ දායක දායිකාවන් වෙත නාරද හාමුදුරුවන් විසින් මනරම් ධර්ම දේශනාවකින් සංග්‍රහ කරන ලදී.


"නාරද..."

"හාමුදුරුවනේ.."

"තමුන්ට දැං සිවුරේ ඉඳියා ඇති කියලා හිතෙනවං උපාධිය ගන්න කලින් ඕක බිමින් තිබ්බට කමක් නෑ.."

"අනේ එහෙම නෑ හාමුදුරුවනේ.. ඒත් ඇයි එහෙම කිව්වේ.."

"නාරද.. ගිහියෙකුට කරන්න පුළුවන් දේවල් අපිට මේ සිවුරේ ඉඳන් කරන්න බෑ.. මං කිව්වේ රස්සාවක් උනත්.. අනික ගස් ගල් පෙරලන වයසේ ඉන්න තමුන්ට පරස්සාවක් එහෙම උනත් කරගන්න බැරිකමක් නෑනේ..."

"අනේ ඕන නෑ හාමුදුරුවනේ මං බලන්නේ කොහොම හරි හොඳට ඉගනගන්න.."

"හොඳයි හොඳයි... හැබැයි තමුන් සිවුර තියල ගියා කියල මගේ අමනාපයක් හෙම නෑ ඕං.."

"නෑ හාමුදුරුවනේ මට මෙහෙම හොඳයි..,"

මකුළු දැල් කඩමින් දූවිලි පිසදමමින් සිටින නාරද හාමුදුරුවන්ට තමන් විශ්වවිද්‍යාල පලමු උපාධිය ලබාගැනීමට පෙර නායක හාමුදුරුවන් තමන් හා දොඩමලු වූ අයුරු සිහිපත් වන්නට විය. 

විශ්වවිද්‍යාල අධ්‍යාපනය හොඳින් හමාර කල නාරද හාමුදුරුවෝ ඉන්පසුව ශාස්ත්‍රපති උපාධියත්, පණ්ඩිත විභාගයත් ඉහලින්ම සමත් විය. ටිකින් ටික කල්යත්ම මදටියතැන්නේ නාරද හිමි යන නම මුලට "ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත අති ගෞරවණීය" යන නාමය එකතු විය. කුඩා කල ගම්මුන් නාරද හිමියන් ගැන දැක්වූ අදහස් සපල කරමින් නාරද හාමුදුරුවෝ පංසලේත්, ගමේත්, ප්‍රදේශයේත් කීර්තිමත් සංඝයාවහන්සේ නමක් විය.

ටික කලක් රෝගාතුරව සිටී නායක හාමුදුරුවෝ, ගිහි පැවිදි සියළු දෙනාගේම දුක් සෝ සුසුම් මැද අපවත් වී වදාලේය. උන් වහන්සේගේ ඉල්ලීම මත බොහෝ චාම්ව ආදාහන කටයුතු සිදුකිරීමට නාරද හාමුදුවන් සහ දායක සභාව කටයුතු කලේය. ලොකු හාමුදුරුවන්ගේ අපවත්වීමෙන් පසු නිතරගයෙන්ම විහාරාධිපති තනතුරු නාරද හාමුදුරුවන්ට හිමිවිය. ලොකු හාමුදුරුවන්ගේ තුන්මාසේ දානය බොහෝ ඉහලින් පැවැත් වීමට නාරද හාමුදුරුවෝත්, දායක සභාවත් කටයුතු කලේය. 

තුන් මාසේ දානය වෙනුවෙන් නිතර මහන්සීවී වැඩ කටයුතු කල අහල කමලිනී නාරද හාමුදුරුවන්ගේ සාධු සිත අවුල් කරන්නට විය. එක් දරු මවක වන ඇගේ හැසිරීම බොලඳ තරුණියකගේ මෙන් විය. නාරද හාමුදුරුවන්ගේ දැහැන කෙමෙන් කෙමෙන් බිඳීයන්නට විය. කිසිවකුත් නොසිටි වැසිබර හෝරාවක නාරද හිමිත් ඇයත් ආවාස ගෙය තුල තනිවිය. ඇගේ පිරිපුන් සිරුර නාරද හිමිට රසදුනක් විය. තරුණ විය ඉක්මවන්න වයසේ සිටින නාරද හිමියන් ඇය ඉදිරියේ කොලු ගැටයකු සේ ශිල්ප දක්වක්නට විය. අහස ගුගුරමින් මහ වැසි වැටෙන මොහොතේ, අකුණු පහරක් මෙන් සියල්ල අවසන් කල නාරද හිමි කමලිනීගේ නිරුවත් සිරුර මත ගිමන් හරින්නට විය.

ඉනික්බිති ඉඩ ලද සැම විටම ඉතාමත් හොර රහසේ නැවත නැවතත් මේ රංගනය සිදුවන්නට විය. 

නමුත් කමලිනීගේ කුසට තවත් දරුවෙකු පැමිණිමෙන් මේ රාග රංගනය හමාර විය. මේ දරුවා නාරද හිමියන්ගේ බව ඔවුන් දෙදෙනා හැර වෙන කිසිවකුත් නොදැන සිටීම බොහෝ ගැටළු මගහරවන්නට සමත් විය. නමුත් තමුන්ගේ ලෙයින් උපන් දරුවා දකින විට නාරද හිමියට තමන් කිසිදු යුතුකමක් ඉටු නොකරන පාදඩ තාත්තා කෙනෙකුය යන සිතුවිල්ල නිතර නිතර පහල විය.

"එදා ලොකු හාමුදුරුවෝ කියපු විදියට මාත් සිවුර දාලා ගියානං රස්සාවකුත් කරගෙන දරු පවුලක් බලාකියාගෙන ඉන්නවනේ. "

පැරණි කබඩ් එකේ පොත් පත් අස්පස් කරමින් සිටින නාරද හාමුදුරුවන්ට සිතුනේය. කබඩ් එකේ යටටම වන්නට ලොකු හාමුදුරුවන් ගේ උපසම්පදා උත්සවය දවසේ ලබාගත් ඡායාරූපයක් විය. 

"මේක සුද්ද පවිත්‍ර කරලා අරන් ධර්ම ශාලාවේ උඩින්ම එල්ලන්න ඕන.."

රෙදි කැබැල්ලකින් ඡායාරූපයෙහි දුහුවිලි පිසදැමූ නාරද හාමුදුරුවෝ මොහොතක් ඒ දෙස බලාසිටින්නට විය. කුමක්දෝ අමුත්තක් දැනුනු උන්වහන්සේ ඡායාරූපයද රැගෙන තමාගේ අවාසගෙය වෙත දුවගොස් එහි ඇති තමාගේ උපසම්පදා ඡායාරූපය අසලින් එය තබා ඡායාරූප දෙක එකිනෙක සසඳන්නට විය එහිදී උන් වහන්සේට අළුත් සහ පැරණි යන යන වෙනස පමණක් පැහැදිලිව හඳුනාගත හැකි විය.

-----------------------------------------------------

පලි/ 01. විදානේගේ මලදානෙට නොහොත් විදානේගේ ** දානේට ඊයෙට හරියටම අවුරුදු දෙකයි.. (හිප් හිප් හුරේ...................)

මේ දක්වා දමා ඇති පොස්ට් සියල්ල කියවූ, අදහස් ඉදිරිපත් කල, සියලු දෙනාට මාගේ හද පිරි ස්තුතිය ප්‍රකාශ කර සිටිමි.

තවද මට මේ බ්ලොග් ලෝකේ තුල දිගු කාලයක් රැදී සිට රසවත් හරවත් වර්ණවත් පොස්ටු ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා.

මට

ජ ය වේ වා !!!



Tuesday, January 5, 2016

.(උන) විකාර කවි....!!!

සිහින් තීරූ සුදු ඉටි කොල                                   එල්ලනවා..
ගොක්කොල මල් හදා හැමතැන                          සරසනවා..
ගෙමිදුල මඩු ගසා පුටු හෙම                             ගෙන එනවා..
"මාෂල්" උගේ අවමගුලට                                සැරසෙනවා..

"මල් මිටි" වැඩේ එක "ගැන්" එකකට                     දෙනවා..
"ගල් දිය" කේස් එක අංකල්ලට                              දෙනවා..
"කිරි තේ" වැඩේ කෙල්ලන් හට                           පවරනවා..
"තෝං බෝතලේ" ‍ලොකු මලයට                           දෙනවා..

මේ මේ ඉසව් වල කොඩි වැල් ඇදි                           යුතු වේ...
හැම මංසලම තොරණින් සැර සිය                            යුතු වේ..
රට හැම තැනින් "සෝ වැකි" ගෙන ආ                     යුතු වේ..
"මාෂල්" ගමේ කොල්ලන් හට දැන්                         සැර වේ..

කාලය පියාඹයි හිමිහිට මද                                       පවනේ..
සඳ තරු නිදි වරයි රෑ තුන් යම                                  ගුවනේ..
වැව් තාවුල්ල අසබඩ නා ගස්                                 සෙවනේ..
"මාෂල්" යයිද අදවත් අවසන්                                   ගමනේ..

අවසන් පැතුම..

ලමුන් ඇති අය ගේ ලමුන් හට ඉගැනුමෙන් නිසි පල                 ලැබෙන්නයි..
අපි කෙසේ මුත් තියෙන ඇත්තෝ ළමුන් හට හොද හැටි               උගන්නයි..
සවිය බල සිය ගතට දේවා ! හිතේ හැටියට වැඩ                      කෙරෙන්නයි..
යාන්තං කළුවර වැටෙන විට බිරින්දෑවරු ඇඳට                               එන්නයි..

අවසන් ඔවදන..

රටේ ජාතියේ තිබෙන අයිතිය බිඳක් නෑරම ඉල්ල                             පල්ලා..
අපේ කම හදවතේ රඳවා මිනිස් පහනක් අල්ල                                  පල්ලා..
නිදන්නට රෑ ඇදට ගියවිට නොයිඳ බොරුවට හොල්ල                   හොල්ලා..
ලැබූ වසරේ බයක් නොමැතිව මාර සෙල්ලම                             අරඹපල්ලා..


ප/ලි
කට තිත්තයි.. මේලෝ රහක් නෑ..
99F ට වැඩිපුර උණ තිබ්බ වෙලාවේ ලියැවෙච්ච විකාර කවි..