Saturday, April 22, 2017

මැරතන්...

"නැගපිය බයිසිකලේට"

මොකාද මේ.. හති ලමින් අමාරුවෙන් දුවගෙන යන පොඩි එකා හිස හරවා බැලීය.

හුටා මාලු සමන්...

"නැගපිය යකෝ ඉක්මනට"

මෙවර අවුරුදු උත්සවයේ මාර්ග ධාවන තරගයට පොඩි එකා එක් වූයේ දිනන්නටම නොව මැරතන් එක ඉවර වෙනකං දුවන්නට අහැක් දැයි බලන්නටය. තරගය ආරම්භ වන්නට පෙර ලවුස්පීකරයෙන් ගමන් මාර්ගය විස්තර කරන්නට විය. ඒ අනුව හිග්ගොඩ පංසල ගාව පුරං පිට්ටනියේ සිට දියලපේ හංදියටත් එතැනින් ප්‍රධාන පාරේ ඉලුප්පැල්ල හංදියට විත් තිත්තලේ පාරෙන් යාකබැද්ද හංදියට විත් අකුරැහි ටවුම මැදින් දෙණියාය පාරේ පොරඹ ඉස්කෝලේ ලගින් වමට හැරී ඒ පාර දිගේ මේ පිටිටනියට ඒම එහි ගමන් මග විය. ගමන් මගෙහි සැබෑ දුර හතැක්ම හයක් පමණ උවද පොඩි එකාගේ ගනන් හැදිල්ලට අනුව එය හැතැක්ම දහයකටත් වැඩිය.

තරගය දැන් ටික දුරක් ගොසිනි. පොඩි එකා සිතූ පරිදිම තරග කරුවන් බොහෝ දෙනක් ඔහුව පසුකර ගොස් ඇත. තවත් කීප දෙනෙක් තරගය අතහැර ගොස් ඇත. ඉඳහිට කවුරුන් හෝ ගසන වතුර පාරක් කාගෙන පොඩි එකා තමන් ගේ පාඩුවෙව් වල ගොඩැලි වලින් පිරුණු තිත්තලේ පාරේ දිව යන්නට විය.

"මං දුවලම එන්නං"

"ගුටිකන් නැතුව නැගපිය යකෝ.."

මාලු සමන් තමන් පැදවූ පාපැදියේ හැඬලයෙන් වම් අත ඉවත් කල අතර  පොඩි එකා තම දෑතින් හැඩලයේ මැද හරියෙන් අල්ලා පොඩි ගැම්මක් ගෙන පා පැදියේ හරස් පොල්ල වෙත පැන්නේ තව ටික වෙලාවක් හිටියානං මේ යකා මොනවා කරයිද නොදන්නා නිසාවෙනි. මේ බයිසිකලයේ පිටුපස ලොකු ලැගිජ් එකකි, එහි ලෑලි වලින් සෑදූ ලොකු පෙටියක් ගෙට ගසා ඇත. මෙම පෙටිටියේ මාලු දමාගෙන ගම වටේ කෑ ගසමින් ගොස් මාලු විකිනීම මාලු සමන්ගේ වර්ථමාන රැකියාවයි. 

මින් මාස දෙක තුනකට පෙර පොඩි එකාත් ඹහුගේ යහලුවනුත් කිහිප දෙනෙකුත්  ගොයං කපා ඇති කුඹුරක බොල ගසන්නට අනෙක් යහලුවන් එනතෙක් රැදී සිටින්නට විය. ඉන් එක් යහලුවෙකු කුඹුරේ විසුරුවා ඇති පිදුරු මිටියක් ගෙන නියරක වාඩි වී සිටී පොඩි එකාගේ ඇග මතට දමා මහ හඬින් සිනාසෙන්නට විය. එය දුටු අනෙක් උනුත් වහ වහා පිදුරු ගෙනැවිත් පොඩි එකාගේ සිරුර වැගෙන්නම දමා ඒ මතට පනින්නටත් ඒ මත පිනුං ගහන්නටත් විය. මින් බේරෙන්නට පොඩි එකා දඟලන විට ඔහුගේ මුහුණ ගොම ගොඩක් මත ඇතිල්ලුනි. මහත් වැර යොදා පොඩි එකා එලියට එන්නට හැදුවත් ඔහුගේ උත්සායහ සපල නොවීය. එක් වරම ඇසුනු කුණුහරුප වැලක් නිසා පොඩි එකා පිදුරු ගොඩයට තනිකර දමා අනෙක් උන් පැත්ත පලාතකවත් නොසිට පැන දුවන්නට විය. කවුදෝ එකෙක් විත් පිදුරු ගොඩ අයින් කර පොඩි එකා එලියට ඇද ගත්තේය. වෙන කවුරුත් නොව එතැන සිටියේ මේ මාලු සමන් ය. එදා මාලු සමන් පොඩි එකාගේ මුහුනේ ගැවී තිබූ ගොම කුඹුර අයිනේ ගලා ගිය ඇලෙන් සෝදා බයිසිකලයේ දමාගෙන ගෙදරටම රැගෙන ආවේය. මාලු සමනුත් පොඩි එකාත් දැන අඳුනා ගත්තේ ඒ විදියටය.

"උඹේ අංකේ කීයද??"

"මොකක්?"

"ඔය ෂර්ට් එකේ ගහලා තියෙන අංකේ කීයද?"

"දාහතර"

"ඉස්සරහ වංගුවේ  ඉන්න එකා ගාවදි හයියෙන් අංකෙ කියපං"

අවුරුදු උත්සවයේ මැරතන් එකේ පොඩිඑකාගේ අංකය දාහතරය. පහු කරගෙන ආපු  දෙපොලකදී කවුදෝ දෙන්නෙක් මේ අංකය බලා පොතක ලියා ගන්නවා පොඩිඑකාට මතකය. 

"දා...හතර.."

මාලු සමන්ගේ මුහුන දෙස යටහත් පහත් ලෙස බැලූ වංගුවේ හිටී එකා අතේ තිබුනු පොතේ මොකක්දෝ ලියනවා පොඩි එකා යන්තං දැක්කේය.

මේ මාලු සමන්ගට කොරගහන්නේ නැතිව ඇවිදින්නට නොහැකිය. ගමේ ලොකු උන් කියන විදියට මූට කේන්ති ගියාම අමු පිස්සෙකි. උන්ගේ කථාබහවල් වලදී හොයාගත් විස්තර වලට අනුව පොඩි කාලේ කාඑක්කදෝ රංඩු වී ගලකින් පල්ලට වැටී මොහුගේ කකුල කැඩිලලු. මාස ගානක් ඉස්පිරිතාලේ ඉදල සනීප උනත් සමන්ට ලොකු කොරයක් ඉතිරි වෙලාලු. කකුල කැඩෙන්න ඉස්සෙල්ලා මූ ඉස්කෝලේ හිටී හොද දිවිලි කාරයෙක්ලු. ජිනදාස මාමා සමනුත් එක්ක රංඩු වී බයිසිකලය ඇලට තල්ලු කර අමු තිත්ත කුණුහබ්බෙන් බනිමින් ඉක්මන් ගමනින් පිටත් වෙලා තියෙන්නේ මුගේ කොරේ ගැන ලොකු විස්වාසෙකින්ලු. ටික දුරක් ගිහිං හරිලා බලන කොට ජිනදාස මාමාට කොර කියාගන්න දෙයක් තිබුන් නැහ්ලු. මූ ඇලට පැනල බයිසිකලෙත් ගොඩට ඒකත් පැදගෙන,  දකුණු අතින් මාලු පිහියත් අමෝරාගෙන  යාර දෙක තුනක් ඈතින්ලු. ජිනදාස මාමා කැලේට පනින්න හදන කොටම මාලු පිහිි පාර මාමාගේ වං අත වෙං වෙන සයිස් එකටලු. මාමා ඉස්පිරිතාලෙලු. සමන් හිරේගියාලු. පොඩි එකා මූ ගැන ගමේ එවුන් කියපු කථා මතක් කරන්නට විය

"අංකෙ කියපං යකෝ.."

"දා.... හතර..."

මාලු සමන් හති දාගෙන බයිසිකලය පදියි. පොඩිඑකා සිදුවෙන කිසිදෙයක් හිතාගන්නට බැරිව බයිසිකලය මත වාඩි වීසිටියි. ඒ අතර තරග කරුවන් එකා දෙන්නා පසුකරමින් බයිසිකලය ඉදිරියට ඇදෙයි. 

දෙයියනේ... ඉස්සරහ තියෙන්නේ පුච්චපු තේ පැට්ටේරිය. මේ හරියේ  මිනිහෙක් සතෙක් මොකෙක්වත් නෑ. මේකා මාව කැලේට ඇදගෙන යයිද? පොඩි එකා හිතට මහා බයක් ඇතුලු විය. අනේ දැං මං මුගෙන් බේරෙන්නේ කොහොමද? හරි උඩ කන්ද හරියේදි කොහොම හරි බයිසිකලෙන් පැනල කැලේ මැදින් කන්දට දුවගෙන යනවා. පොඩි එකා  දස අතේ මුගෙන් ගැලවෙන විදියක් කල්පනා කරන්නට විය. නෑ.... මූ එහෙම එකෙක් නෙවෙයි මයේ හිතේ ඒකනේ අර ප්‍රගීතයව කුරුඳු කෑල්ලට ඇදගෙන යන්න හදපු අතුලයට ඇවිදින්න බැරි වෙන්න නෙලල තිබ්බේ. එම සිද්දිය මතක් වීමෙන් පොඩි එකාගේ බය මදක් අඩු උවත් ඒ පාලු මංඩිය පහුකරගෙන ආයෙත් මිනිස්සු ඉන්න හරියකට එනතෙක් පොඩි  එකා ගේ හිත හරියටම හදාගන්න නොහැකි විය. 

පහුකරගෙන ආපු ඈයින්ගාගේ නේ හැටියට  ඉස්සර තව පස්දෙනෙකුට වඩා ඉන්න බෑ.  මේ යන වේගේ හැටියට ගියොත් උන් ටික අල්ලගන්න එක අමාරු වෙනකක් නෑ. පොඩි එකා ආයෙත් තරෙගය ගැන කල්පනා කරන්නට විය.


"දා.... හතර... ලියා ගනිං යකෝ දාහතර.."

මාලු සමන් අංක ලියනා එකෙකුට මහ සද්දෙන් අණ කරයි. ඌ වහක් නැතිව මොනවදෝ පොතේ ලියා ගනියි. මෙසේ ටික දුරක් පැමිනි සමන්, පාර අයිනේ තිබූ මැටි ගැසූ කුඩා කඩයක් ලග බයිසිකලය නතර කලේය.

"අපිට බීම බෝතලයක් දියං.."

මෙම කඩයේ ඉදිරපස දොරකඩත් පැති බිත්තියත් අතර ඇති අඩි දෙකක් පමණ පලල තීරුවේ බිම සිට ඉහලට ලෑලි පටි ගසා රාක්කයක් සාදා ඇත. එහි එක් එක් තීරු වල එක එක වර්ගයේ බීම වර්ග තබා ඇත.  

"මොන බීමද ඕන ?"

"මොනව හරි මගුලක් ඉක්මනට දියං යකෝ..!, මං එන ගමන් සල්ලියි හිස් බෝතලෙයි දෙන්නං"

මැද තිබූ රාක්කයකට අත දැමූ මුදලාලි එහි තිබූ තැඹිලි පාට අලියා බීම බෝතලයක් ගෙන මාලු සමන් අත තැබීය. කටින් එහි මූඩිය කැඩූ මාලු සමන් බීම බෝතලය පොඩි එකා අතට දී නැවතත් බයිසිකලය පදින්නට විය.

"ඕක බීපං..!!"

බීම බොන්න ඹ්න මමයැ.. මූනේ හති දාගෙන බයිසිකල් පදින්නේ.. පොඩි එකාට එහෙම හිතුනත් බීම බොතලයෙන් බාගයක් විතර වන්න ඔහු ගිල දැම්මේ මහත් ආසාවෙනි. ඉතිරි බීම ටිකෙන් උගුරු දෙකක් විතර බිවු මාලු සමන් බෝතලය පසුපස ගෙට ගසා ඇති  මාලු පෙට්ටියට දමා බයිසකලයේ වේගය වැඩිකර පදින්නට විය.

තරගය ඉවර කරන ඇත්තේ තවත් ටික දුරකි හරියටම බැලුවොත් ඉස්සරහින් ඉන්නේ තවත් දෙන්නෙකි. එකෙක් නං ඉස්සරහ වංගුවේ දුවනවා පෙනෙයි. අනිකා නං පෙනෙන්නට නැත. ටිකක් ඈතින් ලවුස් පීකරයේ හඬ ඇසෙයි. මාලු සමන් බයිසිකල් පදියි. 

දෙවනියාද පසුවෙයි. මාලු සමන් ආයෙත් අංකය කියයි. ටික වේලාවකින් ඉස්සසරහා වංවෙන් පලවනෙියා මතුවෙයි. මිනිහාත් එක්ක තව දෙතුන්  දෙනෙක් වතුර ගසමින් දුවයි. 

"මං අර බෝක්කුව ගාවින් උඹව බස්සනවා ඊට පස්සේ කඩාගෙන දුවන්න ඕන පිට්ටනිට හරිද??"

පොඩි එකාට සියල්ල පැහැදිලි විය. දැං තියෙන්නේ කඩාගෙන දුවන්නය. හැතැක්ම ගානක් දුවගෙන ආපු පලවෙනියා දැං හොදටම හති වැටිලාය. පොඩි එකාට ඌ පහුකරගන ඉතිරි වංගු තුන දුවගෙන යන එක ඒ හැටි වැඩක් නොවේය. මාලු සමන් බෝක්කුව ලඟදී ඔහුගේ වං අත හැඬලයෙන් ඉවත්කර ගත්තේය කෂණයෙන් පාරට පැනගත් පොඩි එකා හැල්මේ දිවයන්නට විය.

"දුවපිය යකෝව්..!!!! දුවපිය.."

මාලු සමන් කැ ගසමින් පසු පසින් බයිසිකලය පදියි. අනික් වංගුව එනවිට පොඩි එකා ඉස්සරහින් ගිය එකා පසු කර පලවෙනියා  විය. තව ඇත්තේ ටික දුරකි. පොඩි එකාත් අනිකාත් අතර පරතරය වැඩි කර ගනිමින් පොඩි එකා ඉදිරියටම ඇදෙයි. ඉස්සරහ ලවුස් පීකරයෙන් මොන මොනවදෝ කෑ ගසයි. පාර දෙපැත්තේ ඉන්න උන් මහ හයියෙන් ඔල්වරසන් දෙයි. 

"දුවපිය යකෝව්..!!!! දුවපිය.." මාලු සමනා මහ හයියෙන් බෑඟිරි තලයි..

දුවන ගමන්ම පොඩි එකා පසුපස හැරී බලයි. මාලු සමනා ගේ මුහුණ දැං යක්ෂයකුගේ වගේය. ගමේ අය කියපු විදියට මූට කේන්ති ගියාම අමු පිස්සෙකි. පිස්සු වැඩිවෙලා මූ මට මාලු පිහියෙන්වත් ගහයිද දන්නෑ.. නෑ.. නෑ..
මූට දුවන්න බැරි හින්දා මැරතන් එකේ පලවෙනි තෑග්ග ගන්න මාව එක්කරන් ආවද දන්නෑ. ඹව් ඹව් හවසට තෑගි දීපු ගමන් මූ ඒ තෑග්ග මගෙන් උදුර ගනියි. එහෙම නැත්තං හැන්දෑවට කනමදය වගේ බීලා අපේ ගෙදර ඇවිත් රංඩු කරයි.

පොඩි එකාට දැං මාලු සමන්ගේ අරමුණ පැහැදිලිය.

හුහ් එව්වා කොහෙද මාත් එක්ක.

තරගය අවසන් කරන පීත්ත පටියට යාර කිහිපයක් තිබියදී පොඩි එකා පාර අයිනේ ඹල්වරසන් දෙමින් සිටී සෙනග අතරින් පාරේ අනෙක් පැත්තේ කුඹුරට පැන නියර දිගේ දිවගොස් කුඹුර කෙලවෙරේ ඇති ඇල පාරෙන් එගොඩට පැන, ආපසු හරී පාර දෙස බැලීය. පසු පසින් ආ තරග කරුවා දිනුම ලබාගෙන අවසන්ය. පාර අයිනේ මාලු පෙටියක් ගෙට ගැසූ පාපැදියේ සිටින මිනිසාගේ අඳුරු මහුණ පොඩි එකාට හරියටම අදුනාගත නොහැකි විය. ආයෙත් ගමන ඇරඹූ පොඩි එකා වෙල පාරෙන් නිවස බලා දුව යන්නට විය.

ප/ලි....

1. නං ගම් මනඃකල්පිතය..

2. පොඩි එකාගේ වෙනත් කථා

      1) රුපියල් දහය

      2) පැන්සල


   



58 comments:

  1. පොඩි එකා- විදානේ
    මාලු සමන් - පත්තරේ
    ප්‍රගීත්- අටමා
    අතුල- ?????

    ReplyDelete
    Replies
    1. මල කෙලියයි, අතුල කමියද දන්නෑ...
      හැක්හ හැක්..

      (ප/ලි 1. නං ගං මන:කල්පිතය)

      Delete
    2. ප්‍රගීත් ප්‍රගීත්මයි.. අතුල අතුලමයි.. මේ අහක ඉන්න අපිව ඕවට ගාවන්න එපා..හැක්

      Delete
  2. මාලු සමනා පිහිය ගෙනාවේ නැතිව ඇති නේද? එහෙනං විදානේ සොරි කොල්ලා පීත්ත පටිය කපාගෙන දුවන්නේ. හැක්

    ReplyDelete
    Replies
    1. හැක් හැක් එහෙනං පීත්ත පටි කැලේ...

      Delete
    2. එහෙනං මුගේ අහ'වල්' එක කපල ජාඩි දානව එදා. හැක්..

      Delete
    3. හැක් හැක් හැක් එහෙනං ප්‍රසන්න අයියට ජාඩිත් විකුණන්න තිබිබා සැහ්

      Delete
  3. හම්මේ බොල , වේගෙන් ගිහිං තාප්පේ හැප්පුවා වගේනේ , එල කිරි

    ReplyDelete
    Replies
    1. ජීවිතේ එකම දවසක හරි උඹේ වාහනේ එලවන්න උපුලා සෙට් කරනවා සත්තයි..

      Delete
  4. ගම්වල නම්වලින් මන:කල්පිත වෙන්නේ තිත්තලේ පාර විතරයි.මමත් ඔය ප්‍රාන්තේ එකෙක් උනාට ඔය නම තියෙන පාරක් ගැන දැනගත්තේ මේ බ්ලොග් පෝස්ට් එකෙන්

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිග්න්නවා මේ පැත්තට..

      මක්කා හරි මනඃකල්පිත දේකුත් තියෙන්න එපැයි පමල්....
      තව ටිකක් හොයල බැලුවනං හරි..


      Delete
    2. මචං විදානේ උඹ කියන්නේ ඉලුප්පැල්ල හන්දියෙන් වමට හැරිලා යන්න තියෙන පාර ගැනද​? උඹත් අපේ ප්‍රාන්තේ ඒ කිව්වේ අකුරැස්ස පැත්තේ කෙනෙක්ද​?

      Delete
    3. ඒ පාර තමයි, ඒ පාරෙන් ගිහිං මලිදුව-බෝපිටියට, කියාඬුවට ඒ් වගේම දැං අර අකුරැ්ස්ස අදාහනාගාරේ තියන තැනට ඒන්න පාරවල් තියනවා. ඉස්සර දවස් වල අන්තිමට කියපු පාරට කිව්වේ තිත්තලේ පාර කියලා. ඒ් පාරේ ඔය කියන ගිනිගත්ත ස්ටෝරුවත් තිබ්බා.. (දැං තියෙයිද දන්නෑ.. කාලෙකින් ගියේනෑ)

      Delete
    4. ගමේ ගමේ එවුන්.. දැන් අපිත් ඒ පාරේ හරිය..

      Delete
  5. Replies
    1. කොළොම්පුරේ.. සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට..

      ස්තුතියි අැගැයුමට..

      Delete
  6. මදැයි මූ කරල තියෙන අලුකුත්තේරු වැඩක හැටි. අර මනුස්සය අච්චර මහන්සි වෙච්ච එක උඹ තප්පරෙන් කාල දැම්මනෙ.

    ReplyDelete
    Replies
    1. අන්නේ වෙනසට අපි ගරු කරන්න ඕනි...

      Delete
  7. නරකද ඔය ගමංම ටිකිර සමපෝෂ කාපු හැටිත් ලියල දැම්මොත්.

    ReplyDelete
    Replies
    1. රයිට් ලබන සතියේ ලියන්නං

      Delete
  8. Replies
    1. ඔව් ඔව් පුතා මොකක්ද ප්‍රශ්නේ..?

      Delete
  9. මෙච්චර මහන්සි වෙච්ච කෙනාට අන්තිමට එහෙම කරපු එක නම් වැරදියි....හැක්....

    ReplyDelete
    Replies
    1. පිලොසොපිය සදරයෙන් පිලිගන්නවා මේ පැත්තට,

      එව්වා මහ කැත වැඩ අප්පා..

      Delete
  10. අර මෝට සයිකල් මල්ලි වගේ පොරක් මාළු සමන් ....
    එල ද බ්‍රා කතාව

    ReplyDelete
    Replies
    1. කෝ බං අර එල ද බ්‍රා එක.

      Delete
    2. අනේ අම්මෝ ඌ තාම ජීවත් වෙනවද????
      මතක් කලා කියපං..
      අඩේ අමතක කරන් නැතුව ප්‍රසන්නයියගේ බ්‍රා එක එවපං මෑන් දැන් කඩේට වෙලා ඉන්නේ විතව්ට් බ්‍රා...


      @ ප්‍රසන්න අයියා හැක්හ ැක්..

      Delete
    3. ඉන්සුරස් කම්පැනි දුවනවා ඌ දැකහම..ඒ තරම් උගේ බයිසිකලේ හැප්පිලා පෙරල්ලිලා තියනවා .
      @ප්‍රසා
      ඇයි යකෝ ඔය තියෙන්නේ කෙමෙන්ට් එකට යටින් එල්ලලා

      Delete
    4. හප්පේ... මට හිතුනා මෑන්ට එහෙම වෙයි කියලා..
      මුලින් කියන්න බැරි උනා අර ගියසතියේ උඹට දෙනව කියපු තෑග්ග තමයි මේ...

      Delete
  11. ඉතින් උබට මොකො වුනෙ ඉට පස්සෙ

    ReplyDelete
    Replies
    1. ගහක් ගලක් වගේ මේ යහතින් ඉන්නේ..
      හැක් හැක් හැක්

      Delete
  12. අප්පට සිරි පව් ඕයි

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. සාදරයෙන් පිලිගන්නවා මද්දා මේ පැත්තට..

      කවුද අප්පා පවු? අතුලයද?

      Delete
  13. Thuppahi weda karanna epaa ban, hithata awul...
    Mama kemathi naha kathawa iwara wechcha widihata...

    ReplyDelete
    Replies
    1. කම්මල් සින්ඩ්‍රෛාමනිය

      Delete
  14. Thuppahi weda karanna epaa ban, hithata awul...
    Mama kemathi naha kathawa iwara wechcha widihata...

    ReplyDelete
    Replies
    1. වැහ්...
      කොහේද පොඩි එකාට ඹව්වා තේරෙනවයැ..
      අන්න ඒකට දැං

      Delete
    2. එහම තමයි ලොකු සමහර උන් බොක්කෙන් කතා කරනකොට උදව් කරනකොට සමහර උන් හිතන්නේ ඌ එහම උදව් කරන්නේ කතා කරන්නේ යටි හිතේ වෙන බ්ලොපොරෝතුතුවක් ඇතිව කියලා ..
      එහම නැහැ මචෝ ..ලෝකේ හොද මිනිස්සු තවමත් ඉතුරු වෙලා ඉන්නවා

      Delete
    3. ඇත්ත තමයි මචෝ මාලු සමන් කරපු කියපු දේවල් වල හැටියට උගේ හොදට වඩා නරක තමයි සමාජගත වෙලා තිබ්බේ ඒකයි පොඩි එකාට ඌව හරියට අඳුනගන්න බැරි උනේ

      Delete
  15. අර පන්සලේ පඩිපෙලින් වැටුනා කියල කොර ගහ ගහ හිටපු අතුලට ඇත්තටම උනේ මේකයි හිටං..? කඩදාසි ලිපේ දාල වගේ එහෙ මෙහේ දුවන්නම තියන් ඉන්න ප්‍රගීත්ටත් හොඳ වැඩේ. (මනඃකල්පිත කතාවකි.)
    හොඳින් හරි නරකින් හරි පොඩි එකා ලොකු හිතේ බරකින් නිදහස් වෙලා ටයිම් බෝම්බයක් ගිලලා. දැන් ඒක පිපිරෙන්නෙ අපේ පපුවෙ. චැක්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මල මගුලයි, උන් දෙන්නගෙන් සමාව බජනය කරන්න වෙනවා හැබෑටම...
      නං නං මනඃකල්පිතයි ඹ්ං...

      ස්තුතියි ඇගැයුමට..

      Delete
  16. අනේ ඇයි බං උඹ ලියන්නේ නැත්තේ

    ReplyDelete
    Replies
    1. උදේට කිමි 60කුයි හවසට කිමි 60කුයි බස්එකේ යන මම මක්ක ලියන්නද බොල..
      හෙට ඉඳල කෝමහරි ලියනවා හිටං...

      Delete
    2. අබ්බෝ මේල් එක දැක්කා..

      Delete
    3. මමත් අලුත් එකක් ලියාගෙන යනවා ..

      Delete
    4. එලකිරි මෙන්ඩා

      Delete
    5. හවසට... අනේ පල යන්න බොරු නොකිය. හැක්..

      Delete
  17. එක හුස්මට කියෙව්වා අපූරුයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි

      Delete
    2. අජිත්ම අයියන්ඩි මමත් අලුත් එකක් ලියාගෙන යනවා ..

      Delete
    3. එලකිරි හැක් හැක්

      Delete
  18. පොඩි එකා කැලේ පැන්න එක හොඳයි.නැතිනම් පණ දාගෙන දුවපු උන්ට වෙන්නේ අසාධාරණයක්නේ.

    ReplyDelete
  19. උඹට පොඩිකාලෙත් යන්තං මොලයක් තිබිල තියෙනවා නෙහ්.. අර හංදි ගානේ හිටපු උන් ඔක්කොම සමනට බයද බං බයිසිකලේ නැගලා යන එකාගේ අංකෙ මාක් කරගන්න?
    කතාව ඉවර වෙච්චි විදියට මං නං කැමතියි.. උඹ පස්සේ මාලු සමනගෙන් පිහි පාරක් කන එක වෙනමම දෙයක් .. හැක්

    ReplyDelete